Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජ් කපූර්ගේ හා දිලීප් කුමාර්ගේ නිවාසවලට මිලක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2018 08:00

රාජ් කපූර්ගේ හා දිලීප් කුමාර්ගේ නිවාසවලට මිලක්

පෞද්ගලික හිමිකරුවන් යටතේ පවතින ඉපැරණි නිවාස විසිපහක් මිලදී ගැනීමට පාකිස්තාන රජය තීරණය කර තිබෙනවා.

එහිදී මිලදී ගැනීමට නියමිත නිවාස අතර සුපිරි බොලිවුඩ් නළුවන් වන රාජ් කපූර්ගේ හා දිලීප් කුමාර්ගේ නිවාස ද වන බවයි වාර්තා වන්නේ. පාකිස්ථානය ඉන්දියාවෙන් බෙදා වෙන් කිරීමට පෙර මෙම ගොඩනැගිලි ඉදි කර තිබෙනවා.

රාජ් කපූර්ගේ නිවස කපූර් වලව්ව ලෙස නම් කර ඇති අතර එය එක්දහස් නවසිය දහ අට සහ විසි දෙක වසරවල ඉදිකරන ලද්දක්. දිලීප් කුමාර්ගේ නිවස වසර සියයක් පමණ පැරණි අතර දෙදහස් දාහතර වසරේදී ෂරීෆ් රජය එය ජාතික උරුමයක් ලෙස ද නම් කර තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2018 08:00
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්