Life+News The Official News Portal of Independent Television Network Ltd

අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් හතළිස් පන් දහසකට පීඩා

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2018 18:53

අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් හතළිස් පන් දහසකට පීඩා

උතුරු පළාතට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව හතළිස් පන්දහස ඉක්මවා තිබෙනවා. ජනතාවට සහන සැලසීම සදහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවද යොමු කර තිබෙනවා. හෙලිකොප්ටර් යානා සහ නාවික යාත්‍රාද සහන වැඩපිලිවෙල සදහා යොදවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළා.

උතුරු පළාතේ කිලිනොච්චිය,යාපනය සහ මුලතිව් දිස්ත්‍රික්වලට අයහපත් කාළගුණයෙන් වැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. පවුල් දහතුන් දහස් හයසිය හතළිස් හයකට අයත් පුද්ගලයින් හතළිස් හතර දහස් නවසිය පනස් නව දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්තානය සදහන් කළා.

ප්‍රදීප් කොඩිප්පිලි – සහකාර අධ්‍යක්ෂ – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය,

සියළු අංශ ඒකාබද්ධ කර ගිනිමින් විපතට පත් ජනතාවට සහන ලබා දීම සිදු කෙරෙනවා. කිලිනොච්චියේ පවුල එක්දහස් තුන්සිය අනූ හතරකට අයත් පුද්ලගලයින් හාරදහස් හයසිය හතළිස් නව දෙනෙකු අවතැන්ව සිටිනවා. ඔවුන් සහන කදවුරු විසි හයක රදවා සිටින බවයි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය සදහන් කරන්නේ. එමෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයේ අවතැන් වූ ජනතාව කදවුරු විසි අටකට යොමුකර ඇති අතර ඔවුන්ට අවශ්‍ය සියළු පහසුකම් සපයා තිබෙනවා.

පිඩාවට පත් ජනතාවට සහන සැලසිමේ කටයුතු සදහා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව ද යොමුකර තිබෙනවා. හදිසි මුදා ගැනිම් සදහා අවශ්‍ය නිරික්ෂණ කටයුතු සදහා ගුවන් හමුදාවේ බෙල්212 හෙලිකොප්ටර් යානය සහ වයි12 යානය  යොදා ගෙන තිබෙනවා. සහන සැලසීමේ කටයුතු සදහා ඩිංගි යාත්‍රා නවයක් සහිත නාවික කණ්ඩායම් හයක් අදාළ ස්ථාන වෙත අනුයුක්ත කර ඇති බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. අවතැන්ව සිටින ජනතාවට පිසූ ආහාර ඇතුළු සහන ලබා දීමේ වැඩපිළිවෙල අකන්ඩව ක්‍රියාත්මකයි. ආපදා ගැටළු පිළිබද 117 දුරකතන අංකයට දැනුම් දිය හැකියි.

පළාත් කිහිපයකට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග වැව් සහ ජලාෂ පිටාර මට්ටමට පැමිණ තිබෙනවා. උතුරු පළාතේ ඉරණමඩු ඇතුළු ජලාෂ කිහිපයක වාන් දොරටු විවෘත්ත කෙරුණා. රාජාංගණය ජලාෂයේ වාන් දොරටු අටක් විවෘත්ත කර ඇති අතර පහත් බිම්වල සිටින ජනතාව විමසිල්ලෙන් සිටින ලෙස වාරි මාර්ග ඉංජිනේරු කාර්යාලය පවසනවා. තබුත්තේගම, අංගමුව ජලාෂයේද වාන් දොරටු දෙකක් විවෘත්ත කර තිබෙනවා.

උතුරේ ජනතාවට තවදුරටත් සහන සැළසීම සම්බන්ධයෙන් විශේෂ සාකච්චාවක් දිස්ත්‍රික් ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් හෙට පැවැත්වෙනවා. දේපල හානිය වෙනුවෙන් වන්දි ලබා දීම, කෘෂි කර්මාන්තය සදහා සිදු වූ හානිය පිළිබදවද මෙහිදී විශේෂ අවදානය යොමු කරනු ඇති. මේ අතර උතුරු පළාත ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයකටද හෙට දිනයේ වැසි සහිත කාළගුණයක් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව පවසනවා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2018 18:53
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්