පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා රූපවාහිනී නාළිකාවක් ඔස්සේ සිදු කළ ප්‍රකාශයක් මගින් දුලාංජලී ප්‍රේමදාස මහත්මියට සිදු කර ඇතැයි කියන අපහාසය සම්බන්ධයෙන් දින හතක් ඇතුළත සමාව නොගතහොත් ඒ මහතාට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගන්නා බව ඇයගේ නිතිඥවරුන් දන්වා තිබෙනවා.
පසුගියදා එක්තරා රූපවාහිනී නාළිකාවක වැඩසටහනකට සම්බන්ධ වෙමින් මීට වසර කිහිපයකට පෙර අසත්‍යයක් බව තහවුරු වූ චෝදනාවක් පිළිබද රංජිත් සොයිසා මහතා නැවත කරුණු දක්වා තිබෙනවා. අදාළ චෝදනාව අසත්‍ය බවට තහවුරු වූ අතර දුලාංජලී ප්‍රේමදාස මහත්මියට රුපියල් මිලියන දෙකක වන්දි මුදලක්ද හිමි වුණා. එවැනි තත්ත්වයක් යටතේ ඇයගේ කීර්තිනාමයට හානි වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා මෙම අසත්‍ය ප්‍රකාශය සිදුකර ඇති බව නිතිඥවරුන් කියා සිටිනවා. ඒ අනුව අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් රංජිත් සොයිසා මහතා දුලංජලී ප්‍රේමදාස මහත්මියගෙන් දින හතක කාලයක් තුළ සමාව ගත යුතු අතර එම ප්‍රකාශය අර්ථාන්විත හා පිළිගතහැකි ආකාරයෙන් ආපසු කැදවාගත යුතු බවයි නිතිඥවරුන් පෙන්වා දෙන්නේ.