කොම්පඤ්ඤ වීදිය, වොක්ෂෝල් විදියේ කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන් ගිනි ගෙන විනාශ වී තිබෙනවා.
මේ වන විටත් කොළඹ ගිනි නිවීමේ ඒකක, යුධ හමුදාව, පොලීසිය හා ප්රදේශවාසීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමේ කටයුතු සිදු කරනවා. අවට ගොඩනැගිලිවලට ගින්න පැතිරීම වැළැක්වීමට ගිනි නිවන ඒකක සහ යුධ හමුදාව පියවර ගෙන ඇති බව සදහන්. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.