රුසියාවේ පතලක මියගිය 9 දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා. පසුගිය 23 වෙනිදා සිදුවූ අනතුරෙන් ඒ වනවිට එහි රැඳීසිටි නවදෙනාම මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
මොස්කව් සිට කිලෝමීටර 1500 ක් පමණ ඊසාන දෙසින් මෙම පතල පිහිටා තිබෙනවා. පතල තුළ රැඳීසිටි සේවකයන් බේරාගැනීම සඳහා හැකි උපරිමය සිදුකළ බවයි ප්රදේශය භාර ආණ්ඩුකාරවරයා සඳහන් කර තිබෙන්නේ. ඒ සඳහා 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පතලට ළඟාවී තිබෙනවා. එහෙත් ඒ තුළ ගිනි ගැනීමක් සිදුවීමෙන් සහන කණ්ඩායම් වලට බේරාගැනීමේ කටයුතු අසීරුවී ඇති බවයි ආණ්ඩුකාරවරයා සඳහන් කළේ.