Life+News The Official News Portal of Independent Television Network Ltd

නිවාඩුවේ නරඹන්න “අතුරු මිතුරු හරි අපූරු”

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2018 14:37

නිවාඩුවේ නරඹන්න “අතුරු මිතුරු හරි අපූරු”

මේ නිවාඩුකාලේ දරුවන් වෙනුවෙන් නිර්මාණය වූ අපූරු සිනමාපටයක් තිරගත වීම ආරම්භ කෙරුණා.ඒ අතුරු මිතුරු හරි අපූරු සිනමාපටයයි. අතුරු මිතුරු හරි අපූරු ළමා සිනමාපටය  ලාල් ප්‍රියදේවගේ අධ්‍යක්ෂණයක්. කුඩා දරුවන් ඉලක්ක කර ගනිමින් ප්‍රදර්ශනය වන මෙහි ප්‍රධාන චරිතය මහේන්ද්‍ර පෙරේරා විසින් නිරූපණය කරයි. සෙසු චරිත අතර සුරංග සතරසිංහ, රොනි ලීච්, රජීව් නානායක්කාර, මානෙල් වානාගුරු, ඩී. බී. ගංගොඩතැන්න, ෂයිනි අංජුලා නයනතරා, රනිල් සුරංග, රංග විජේවික්‍රම, නෙත්මි මේනකා, ඉනෝකා එදිරිසිංහ, සුරේනි සෙනරත්, ආරියසේන ගමගේ මහේෂ් රන්දෙණිය, සුනිල් ප්‍රේමකුමාර, දොන් ගයි, සුගත් ජානක, මහින්ද ඉහළගම, ඩීමන් හෙට්ටිආරච්චි, ගාමිණී සුභසිංහ, සමන්ත හිගුරගේ රංගන දායකත්වය සපයයි..

මංජුල කුමාරතුංගගේ කැමරා අධ්‍යක්ෂණයෙන් අතුරු මිතුරු හරි අපූරු සිනමාපටය හැඩගැන්වී තිබෙනවා..මෙහි  අංග රචනයෙන්  මනෝජ් කුමාර් සෙල්වරාජ් ගෙන‍ෙ. සංගීතය සහ ගායනය විශාරද එඩ්වඩ් ජයකොඩිගෙන් වන අතර, මහාචාර්ය සුනිල් ආරියරත්න, සමන් චන්ද්‍රනාත්  ගී පද රචනයෙන් දායකත්වය ලබා දී තිබෙනවා. එන්. උදයකුමාර් සමඟ පී. අරූරන්ගේ නිෂ්පාදනයක් වන අතුරු මිතුරු හරි අපූරු සිනමාපටය මේ පාසල් නිවාඩුවට පවුලේ සැමටම එක්ව නැරඹිය හැකි සිනමාපටයකි.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2018 14:37
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්