Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරේ ගංවතුරෙන් පිඩාවට පත්වුවන්ට කඩිනම් සහන සලසන්නැයි ජනපතිගෙන් උපදෙස්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2018 12:32

උතුරේ ගංවතුරෙන් පිඩාවට පත්වුවන්ට කඩිනම් සහන සලසන්නැයි ජනපතිගෙන් උපදෙස්

අධික වැසි සහ ගංවතුරෙන් විපතට පත් සියලු දෙනාට කඩිනමින් සහන සලසන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උපදෙස් දී තිබෙනවා.

අධික වැසි සහ ගංවතුරෙන් විපතට පත්වූ මුලතිව් හා කිලිනොච්චි සහ මන්නාරම දිස්ත්‍රික්වල ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සලසන ලෙස ජනාධිපතිතුමා අදාළ අංශ වෙත උපදෙස් දුන්නා. ගංවතුර තත්ත්වය පහව යන තෙක් අදාළ ප්‍ර දේශවල ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් කඩිනමින් සලසන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දැනුම් දී තිබෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාද දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත හැකි ඉක්මනින් යොමු කරන ලෙස ද ජනාධිපතිතුමා අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු අංශ වෙත උපදෙස් දුන්නා. උතුරු පළාත් ආණ්ඩුකාර වරයා, දිස්ත්‍රික්ලේකම්වරුන්, යුද හමුදාපතිවරයා සහ ආපදා කළමනාකරන මධ්‍යස්ථාන එක්ව සහන වැඩසටහන් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසයි ජනාධිපතිතුමා වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙන්නේ. උතුරු පළාතට බලපෑ තද වැසි හේතුවෙන් කිලිනොච්චි මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික් ගංවතුර තර්ජනයට මුහුණ දී සිටිනවා. ඒ හේතුවෙන් පිටාර මට්ටම ඉක්මවා ගිය ඉරණමඩු ඇතුළු ජලාශ කිහිපයක වාන් දොරටු ද විවෘත කෙරුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2018 12:32
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්