අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අද ආරම්භ කෙරෙනවා.
මධ්‍යස්ථාන එකසිය අටකදී ගුරුවරුන් තිස්පන් දහසකගේ පමණ සහාගීත්වයෙන් සාමාන්‍ය පෙල පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සිදු කිරීමට නියමිතයි. එහි පළමු අදියර ලබන ජනවාරි පළමුවනදා දක්වා ක්‍රියාත්මක බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ. දෙවන අදියර ජනවාරි අට වනදා සිට දාහත්වනදා දක්වා සිදු කිරීමට සැළසුම්කර තිබෙනවා. පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සිදු කෙරෙන මධ්‍යස්ථාන අවට විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මකයි.