ප්‍රංශයේ ඉන්ධන මිල හා ජීවන වියදම් ඉහළ නැංවීමට එරෙහිව පවත්වන විරෝධතාවලට ඊයේ දිනයේදීත් දෙදහසකට ආසන්න පිරිසක් එක්ව සිටියා.
සති හයක පමණ කාලයක සිට පැවැත්වෙන විරෝධතා සදහා විශාල පිරිසක් එක්ව සිටියා. ප්‍රංශ පොලීසියේ සහ හමුදාවල මැඩපැවැත්වීම් හමුවේ විරෝධතාකරුවන් පසු බැස ඇති බව සදහන්. ප්‍රචන්ඩකාරී ලෙස හැසිරෙන විරෝධතාකරුවන්ට පොලීසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා. මේ දක්වා පැවති විරෝධතාවලදී මිය ගිය සංඛ්‍යාව දහයකට ආසන්නයි.