උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය වන අද දින සිට ශ්රීපාද වන්දනා සමය ආරම්භ වනවා.
පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්රීපාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබූ සධාතුක කරඬුව හා සුමන සමන් දේව ප්රතිමාව ශ්රී්රපාද මළුව කරා වැඩම කරේ පෙරහර තුනකින්.
දිවයිනේ විවිධ ප්රදේශවල සැදැහැවතුන් ශ්රීපාදස්ථානය වන්දනාමාන කිරීමට පැමිණ සිටින බවයි අප වාර්තාකරු රංජිත් රාජපක්ෂ පවසන්නේ.
ස්වාධීන රූපවාහිනී සවනක් රැස් වැඩසටහන ද මෙවර විකාශය කෙරෙන්නේ ශ්රීපාදස්ථානයේ සිටයි.