පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් සොයිසා මහතා ලබන මස පළමුවනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පැල්මඩුල්ල මහේස්ත්රාත්වරයා නියෝග කළා. ඒ පුද්ගලයෙකුට පහරදීමේ චෝදනා මතයි.
අදාළ පහරදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් සොයිසා මහතා සහ තවත් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගැණුනා. පසුගිය 16 වනදා ගොඩකවෙල නගරයේදී මෙම පහරදීම සිදුවී ඇති බව සදහන්. සැකකරුවන් අද (20) පෙරවරුවේ ගොඩකවෙල පොලීසිය වෙත පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීම සිදුවුණා. ඒ අනුව පැල්මඩුල්ල මහේස්ත්රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස පළමු වනදා තෙක් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි මහේස්ත්රාත්වරයා නියෝග කළේ.