Life+News The Official News Portal of Independent Television Network Ltd

රන්වීර් සිං සමඟින්”SIMMBA”එයි..

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2018 16:28

රන්වීර් සිං සමඟින්”SIMMBA”එයි..

බොලිවුඩයේ සම්මානනීය අධ්‍යක්ෂවරයකු වන රෝහිත් ෂෙට්ටිගේ නවතම සිනමාපටය “SIMMBA”  තිරගත වීමට සියල්ල සූදානම්. එය පූරි ජගන්නාත් විසින් අධ්‍යක්ෂණය කර  තිරගත කළ තෙළිඟු චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක්.

රෝහිත්ගේ “SIMMBA”චිත්‍රපටයේ පොලිස් නිලධාරි සංග්‍රාම් ලෙසින් තෝරා ගත්තේ බොලිවුඩයේ වැඩි  කතාබහට ලක්වූ රන්වීර් සිං. මෙහි සංග්‍රාම්ගේ පෙම්වතිය ප්‍රියා භක්ෂි ලෙසින් චරිත නිරූපණය කරන්නේ බොලිවුඩයට නවක නිළියක්.ඇය තරු පවුලක සාමාජිකාවක් වන සාරා අලි ඛාන්. සාරා, ජනප්‍රිය නළු සයිෆ් අලි ඛාන්ගේ සහ අම්රිතා සිංගේ දියණිය යි.

“SIMMBA” චිත්‍රපටයේ රන්වීර්, සාරා සහ සෝනු සූද් සමඟින් අජේ දේව්ගන්, තුෂාර් කපූර්, අර්ෂාඩ් වර්සි ඇතුළු සුපිරි තරු චරිත කිහිපයක්ම දැක ගන්නට අවස්ථාව ලැබෙනවා.. “SIMMBA” චිත්‍රපටය නිෂ්පාදනය කර තිබෙන්නේ කරන් ජොහාර්, හිරූ ජොහාර්, රෝහිත් ෂෙට්ටි සමඟින් අපූර්වා මෙහෙතා විසින්. එසේම මෙය කරන් ජොහාර් සහ රෝහිත් ෂෙට්ටි එක්ව නිර්මාණයක් කළ පළමු අවස්ථාව ද වේ. මේ මස 28 වැනිදා සිට ලොවපුරා තිරගත කිරීමට නියමිත “SIMMBA” චිත්‍රපටය සිනමා ලෝලීන්ට අපූර්ව අත්දැකීමක් වනු නොඅනුමානයි…

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2018 16:28
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්