බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක ශකිබ් අල් හසන්ට දඩ නියම කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගත්තා.
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සමග පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයේදී බංග්ලාදේශ නායකයා විනිසුරුවරුන් සමග බහින්බස් වීමක් ඇති කර ගත්තා. සිදුවීමෙන් අනතුරුව ශකිබ් අල් හසන්ගේ තරග ගාස්තුවෙන් සියයට පහළොවක් කපා දැමීමටයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කළේ. 2016 වසරෙන් පසු ක්‍රීඩාවේ ජීවගුණයට හානි සිදු කිරීම සම්බන්ධයෙන් ශකීබ් අල් හසන්ට දඩුවම් නියම වූ දෙවන අවස්ථාව මෙය වනවා.