ශ්‍රී ලාංකීය සිනමාවේ මහා මංගල්‍යය ‘රිදී රැයක්‘ ප්‍රසංගය එළඹෙන 23 වැනිදා පස්වරු 6.30ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී ආරම්භ කිරීමට සියලු කටයුතු මේ වන විට සූදානම්කර අවසන්. මෙවර ‘රිදී රැයක්’ ප්‍රසංගය පවත්වන්නේ 16 වැනි වරටයි.
මෙරට කලාකරුවන්ගේ සුබසිද්ධිය උදෙසා සිනේස්ටාර් පදනම සංවිධානය කරන ‘රිදී රැයක්’ ප්‍රසංගයට මාලිනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, ශ්‍රියාණි අමරසේන, වීණා ජයකොඩි, ක්ලීටස් මෙන්ඩිස්, සංගීතා වීරරත්න වැනි ප්රවිණ ශිල්පීන් ශිල්පිනියන් පිරිවරා විචිත්‍රවත් නර්තනාංග සහ සංගීතය සමඟින් මෙරට කලාකරුවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වීමට නියමිතයි.
ශ්‍රී ලාංකේය කලාකරුවන් රැසකගේ කලා හැකියා එකම වේදිකාවක ගෙනහැර දක්වන රිදී රැයක් ප්‍රසංගයේ ආදායමෙන් ලැබෙන අරමුදල් කලාකරුවන්ගේ සුබසිද්ධිය උදෙසාත් වෛද්‍ය හා ජීවිත රක්ෂණ මෙන්ම අපහසුතා මධ්‍යයේ දිවි ගෙවන වියපත් කලාකරුවන් වෙනුවෙන් සහන දීමනා පිරිනැමීමටත් වෙන් කර තිබෙනවා. එමෙන්ම ස්වභාවික විපත්, අපදා අවස්ථාවල දී කලාකරුවන්ට උපකාර කිරීම ද සිනේස්ටාර් පදනමේ රිදී රැයක් හි තවත් අරමුණක්.
මේ මහා සිනමා මංගල්‍යය සඳහා සහභාගී වන සිනමා තරු මේ දිනවල ඔවුන්ගේ පුහුණුවීම්වල නිරතවන බවයි මේ වන විට දැනගන්නට ලැබෙන්නේ..