Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩෙංගු අවදානම ඉහළට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2018 11:23

ඩෙංගු අවදානම ඉහළට

ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානම ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එබැවින් නව පාසල් වාරය ආරම්භයට පෙර සියලුම පාසල් ශුද්ධ පවිත්‍ර කිරීමේ අවශ්‍යතාව එම ඒකකය අවධාරණය කරනවා.

ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන් පසුගිය 13 සහ 14 යන දිනවලදී බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කෙරුණා. එහිදී නිවාස, පාසල්, වැඩබිම්, ආයතන, කම්හල්, ආගමික ස්ථාන සහ පොදු ස්ථාන ඇතුළු පරිශ්‍ර පනස් හත්දහස් හයසිය පනස් හතක් පරීක්ෂා කර තිබෙනවා. ඉන් දෙළොස්දහස් හාරසිය හත්තෑ එකක්ම මදුරුවන් බෝවීමට හැකියාව ඇති අවදානම් ස්ථාන වූ බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරන්නේ. පරිශ්‍ර එක්දහස් තුන්සිය දෙකකින් මදුරු කීටයන් සහිත ස්ථාන හමුවී තිබෙනවා.

ඉදිකිරීම් පරිශ්‍ර ආගමික ස්ථාන සහ පාසල් ආශ්‍රිතව මදුරුවන් බෝවීමට හැකියාව ඇති අවදානම් ස්ථාන සුලබව තිබෙන බවයි ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කරන්නේ. කීටයන් බහුල ස්ථාන ලෙසද එම පරිශ්‍ර හදුනාගෙන තිබෙනවා. මේ අනුව නව වසරේ පාසල් ආරම්භයට පෙර දිවයිනේ සියලු පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීමේ වැදගත්කම ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2018 11:23
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්