Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු කොරියාවට ආධාර දෙන්න ඇමෙරිකාව සූදානමින්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2018 11:02

උතුරු කොරියාවට ආධාර දෙන්න ඇමෙරිකාව සූදානමින්

උතුරු කොරියාවට මූල්‍යමය හා ද්‍රව්‍යමය ආධාර ලබාදීමට සැළසුම් කර ඇති බව ඇමෙරිකානු වි‍ශේෂ නියෝජිතයෙකු සදහන් කරනවා.

උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩපිලිවෙල අවසන් කෙරෙමින්  පවතිනවා. එහි ප්‍රගතියත් සමග රටවල් දෙක අතර සුහදතාව ගොඩනැගුණා.

උතුරු කොරියාවේ සිටින ඇමෙරිකානු විශේෂ නියෝජිතයකු වන ස්ටෙෆන් බීගන් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ දින 04 ක් පුරා දකුණු කොරියුනු බලධාරීන් සමග ද  ආධාර ලබාදීම පිලිබද සාකච්ඡා කළ  බවයි.

ඇමෙරිකාව පැනවූ සම්බාදක දෙගුණ කිරීමත් සමග උතුරු කොරියාවේ මානුෂීය අධාර විශාල ලෙස අවම වුණා.

උතුරු කොරියාවේ බහුතර ජනතාවක් දිලිදුබවින් පෙලෙන නිසා මෙලෙස ඇමෙරිකාව ආධාර ලබා දීමට   පියවර‍ ගෙන ඇති බනයි ස්ටෙෆන් බීගන් සදහන් කළේ.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ ඇමෙරිකා ජනාධිපති  ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පසුගිය ජුනි මාසයෙදි සිංගප්පූරුවේ පැවති සමුළුවෙන් පසුව දෙරට අතර දිගින් දිගටම සහයෝගීතාව වර්ධනය වුණා.

මේ වන විට දෙරටේ නායකයින් අතර දෙවන සමුළුව පැවැත්වීමට කටයුතු සංවිධාන කෙරෙමින්  පවතිනවා.

එය ලබන වසරේදී පැවැත්වෙනු ඇති බවයි වාර්තා වන්නේ. ඒ සම්බන්ධව දෙරටේ විශේෂ නියෝජිතයින් සාකච්ඡා කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2018 11:02
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්