Life+News The Official News Portal of Independent Television Network Ltd

ක්‍රිකට් ක්‍රීඩකයින් තුන් දෙනෙකුට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2018 10:22

ක්‍රිකට් ක්‍රීඩකයින් තුන් දෙනෙකුට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රිකට් ක්‍රීඩකයින් තුන් දෙනෙකුට සති අටක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පැනවීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

පාකිස්තානයේ පැවති ආසියා නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ තරගාවලියේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් ක්‍රීඩකයින්ට හිමිවූ පහසුකම් පිළිබද එරට ක්‍රිකට් ක්‍රීඩකයින් තුන් දෙනෙකු විවේචනය කරනු ලැබුවා. ඒ සම්බන්ධව ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පලකිරීමටයි කටයුතු කර තිබුණේ. කරච්චි නුවරදී ඔවුන් මුහුණදුන් අත්දැකීම් මෙලෙස විස්තර කර තිබුණේ රොහාන් මුස්තෆා, මොහොමඩ් රාසා හා රමේෂ් ෂෙයිෂාඩ් යන ක්‍රීඩකයින්. ඔවුන් සම්බන්ධ විනය පරීක්ෂණය පවත්වන තුරු මෙම ක්‍රීඩකයින්ට සති අටක ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක් පැනවීමටයි එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත්තේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2018 10:22
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්