ග්රාම සේවා වසම් දහසක ජීවනෝපාය හා යටිතල පහසුකම් නැංවීමේ නව වැඩපිළිවෙලක් අද සිට ආරම්භ වනවා.
ග්රාම ශක්ති ජනතා සමිති යටතේ ප්රජා පාලිත ගම්මාන 700ක් සහ නිෂ්පාදන හා සේවා අභිමුඛ ගම්මාන 300ක් ඊට ඇතුළත්.
ඊට වෙන්කර ඇති මුදල රුපියල් ලක්ෂ දස දහසක්. සමාරම්භය ජනාධිපති මෛත්රිපාල සිරිසේන මැතිතුමාගේ ප්රධානත්වයෙන් අනුරාධපුර පළුගස්වැව ආසිරිගම ගම්මානයේදී පෙරවරුවේ සිදුකෙරෙනවා.