ඇමරිකාව සිරියාවේ රැදී සිටි සිය භට කණ්ඩායම් ආපසු කැඳවා තිබෙනවා. ඒ සිරියාවේ IS ත්රස්තවාදීන් පරාජය කර ඇති බවට ජනාධිපති බෂාර් අල් අසාද් සිදුකළ ප්රකාශයෙන් පසුවයි.
සිරියාව තුළ මීළඟ මෙහෙයුම සඳහා සුදානම් බවයි පෙන්ටගනය සඳහන් කර තිබෙන්නේ.
එහෙත් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය කර නැහැ. ඊසාන දිග ඊශ්රායල් ප්රදේශයේ දෙදහසකට ආසන්න ඇමරිකා භට පිරිසක් රැදී සිටියා.
IS ත්රස්තවාදීන් යළි නැගී සිටිමක් සිදුනොවන බවට ආරක්ෂක අංශ තහවුරු කර ඇති බැවින් ඇමරිකා හමුදා ඉවත් කර ගැනිමටයි සැළසුම් කර තිබෙන්නේ.