නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ ජනාධිපති කාර්යාලයේදීයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් මෙම අවස්ථාවට එක්ව සිටියා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ – ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචිකිරීම් හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණු නිපුනතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය
ජෝන් අමරතුංග – සංචාරක සංවර්ධන වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය
ගාමිණී ජයවික්‍රම පෙරේරා -බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය
මංගල සමරවීර – මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය
ලක්ෂ්මන් කිරිඇල්ල – රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය
රවුෆ් හකීම් – නගර සැලසුම් ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය
තිලක් මාරපන – විදේශ කටයුතු අමාත්‍ය
රාජිත සේනාරත්න – සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය
රවී කරුණානායක – විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය
වජිර අබේවර්ධන – අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
රිෂාඩ් බදියුදීන් – කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම් සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය
පාඨලී චම්පික රණවක – මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය
නවීන් දිසානායක – වැවිලි කර්මාන්ත අමාත්‍ය
පී හැරිසන් – කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු , පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය
කබීර් හෂීම් – මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය
රංජිත් මද්දුම බණ්ඩාර – රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය
ගයන්ත කරුණාතිලක – ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය
සජිත් ප්‍රේමදාස – නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
නව කැබිනට් මණ්ඩලය පෙරවරුවේ දිවුරුම් දෙයි
නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම තව නොබෝ වේලාවකින් සිදු කෙරෙන බව වාර්තා වනවා.
ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම්දීම සිදුකිරීමට නියමිතව තිබෙනවා.
මේ වනවිටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් ජනාධිපති කාර්යාලයට පැමිණ සිටින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.
නව ඇමති මණ්ඩලය දිවුරුම් දෙන මොහොතේම එම තොරතුරු අප ඔබ වෙත ලබාදීමට සූදානමින් සිටිනවා.