පාර්ලිමේන්තුවේ සිදුවූ ගැටුම්කාරී තත්වය පිලිබද සියලු වීඩියෝ දර්ශන හෙට(20) නැරඹීමට තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු සභා ගර්භයේ කැමරා පද්ධතියේ සටහන් වූ දර්ශන සහ රූපවාහිනි මාධ්‍ය හා සමාජ මාධ්‍යවල පළවු දර්ශන එහිදී නරඹන බවයි ගැටුම පිලිබද සෙවීමට පත්කළ කමිටුවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ප්‍රකාශ කළේ. කලහකාරී අවස්ථාවේදී ඊට සම්බන්ධ වූ මන්ත්‍රීවරුන් හදුනාගැනීම ද අරමුණක්. සභාගර්භයේ දේපලවලට සිදුවූ හානිය ද තක්සේරු කර ඇති බව නියෝජ්‍ය කථානායකවරයා ප්‍රකාශ කළා.