විධායක ජනාධිපති ධුරය අහෝසි කිරිමේ යෝජනාව පිලිබද විවාදය අදත්, පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.
ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව රැස්වන්නේ පස්වරු 01.00 ට.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතායි කල්තැබීමේ යෝජනාව සභාවට ඊයේ ඉදිරිපත් කළේ. ඒ පිලිබද විවාදය පස්වරුව දක්වා පැවැත්වුණා.
මේ අතර අද සිට පාර්ලිමේන්තු කටයුතු ආවරණය කිරීමට අවස්ථාව හිමිවන්නේ අවසර ලත් මාධ්‍යවේදීන්ට පමණක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තුව සිදුකළ දැනුම්දීමක් පිලිබදව නිවේදනයක් නිකුත් කරමින්.
මහජන ගැලරිය සහ කථානායක ආරාධිත ගැලරිය විවෘතව පවතින බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී දෙපාර්තමේන්තුව සදහන් කළේ.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමෙන් පසු පාර්ලිමේන්තුව පළමුවරට ඊයේ රැස්වුණා. ඒ ජෙෂ්ඨත්වය අනුව අසුන් පනවමින්.