ස්ථාන දෙකක සිදුවූ වෙඩි තැබීම් දෙකක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
සීදූව ලියනගේමුල්ල ප්රදේශයේ සමාජ ශාලාවක් තුලදී පුද්ගලයින් පිරිසක් හා එහි සේවකයෙකු අතර සිදුවූ බහින්බස්වීමකදී සිදුකළ වෙඩි තැබීමකින් සමාජ ශාලාවට පැමිණි පුද්ගලයෙකු තුවාල ලැබුවා. තුවාලකරු මීගමුව මහ රෝහලට ඇතුළත්කර තිබෙනවා. ඔහු සීදූව ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 34 ක පුද්ගලයෙක්. සමාජ ශාලාවේ හිමිකරු වෙඩි තැබීම සිදුකර ඇති බවටයි පොලීසිය සදහන් කරන්නේ. සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා මෙහෙයුම් ක්රියාත්මකයි.
මේ අතර බෙලිඅත්ත, ගැටමාන්න, කොස්ගස් හන්දිය ප්රදේශයේදී මාර්ගයේ සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා තුවාල ලැබුවා. තුවාලකරු හත්බෝධිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සදහා තංගල්ල රෝහල වෙත මාරුකර යවා තිබෙනවා. ඔහු බෙලිඅත්ත මහහීල්ල ප්රදේශයේ පදිංචිකරුවෙක්.