Life+News The Official News Portal of Independent Television Network Ltd

ප‍්‍රබෝධි ළහිරුණි සිසුවියගේ ඉල්ලීම ඉටුකරමින් ජනපතිගෙන් සිතාරයක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2018 17:51

ප‍්‍රබෝධි ළහිරුණි සිසුවියගේ ඉල්ලීම ඉටුකරමින් ජනපතිගෙන් සිතාරයක්

සෞන්දර්ය අංශයෙන් ඉදිරියට යාම තම එකම සිහිනය කරගත් පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ප්‍රබෝධි ළහිරුනී සිසුවියගේ අපේක්ෂාවක් ඉටුකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කටයුතු කළා.

අපොස උසස් පෙළ විභාගය අවසන්කර සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව එම අංශයෙන් ඉදිරියට යාම ප්‍රබෝධිගේ අපේක්ෂාවයි. ඒ වෙනුවෙන් සංගීත විෂය යටතේ සිය ප්‍රධාන වාදන භාණ්ඩය ලෙස සිතාරය තෝරා ගත්තා. ආර්ථික දුෂ්කරතා රැසක් මැද දිවි ගෙවන ඇගේ මාපියන්ට එම වාදන භාණ්ඩය මිලදීගැනීමට හැකියාවක් තිබුණේ නැහැ. මේ හේතුවෙන් දැඩි ලෙස අසරණව සිටි ප්‍රබෝධි දැයේ දරුවන්ට ආදරණීය පියෙකු වූ ජනාධිපතිතුමා වෙත තම අහිංසක ඉල්ලීම ඉදිරිපත් කළා. ජනාධිපතිතුමා පසුගියදා පොළොන්නරුව ගනන්ගොල්ල ප්‍රදේශයේ ශාලික ලක්ෂාන් සිසුවාගේ නව නිවසක සිහිනය ඉටුකර දුන්නා. එම නිවසින් නික්මයන අවස්ථාවේයි ප්‍රබෝධි දැරිය ජනාධිපතිතුමා වෙත තම ඉල්ලීම ඉදිරිපත් කළේ. දැරියගේ ඉල්ලීමට ඇහුම්කන් දුන් ජනාධිපතිතුමා එය කඩිනමින් ඉටුකර දෙන බවට ඇයට සහතික වුණා. අද (18) පෙරවරුවේ සිය දෙමවුපියන් සමග ජනාධිපති කාර්යාලයට පැමිණි ප්‍රබෝධි දියණිය ජනාධිපතිතුමා අතින් සිතාරය ලබාගත්තේ නෙතට ගලා ආ සතුටු කඳුලක් සමගින්.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2018 17:51
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්