ජාතික ජ්‍යෙෂ්ඨ තයිකොන්ඩෝ තරගාවලියේ සමස්ත ශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව දිනාගත්තා. එහි සමස්ත කාන්තා ශූරතාව හිමිවූයේ යුද හමුදාවටයි.
දින දෙකක් පුරා ටොරින්ටන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගෘහස්ථ ක්‍රීඩා පිටියේ පැවති තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 250 ක් එක්ව සිටියා. ඔවුන් බර පන්ති 8 ක් නියෝජනය කරමින් තරගබිමට පිවිසියා. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ඩී එස් ප්‍රනාන්දු සම්මාන දිනාගත්තා. දක්ෂතම ක්‍රීඩිකාව වූයේ එස් පී රණතුංගයි. තරගාවලියේ නැගී එන කණ්ඩායම ලෙස ජාතික තරුණ සේවා සභා තයිකොන්ඩෝ කණ්ඩායම සම්මාන දිනාගත්තා. තරගාවලියේ ජය සංකේත ප්රදානය සිදුකළේ ජාතික තයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති කාංචන ජයරත්න මහතායි.