Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ලිමේන්තුවේ අද අසුන් ජ්‍යෙෂ්ඨත්වය අනුව

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2018 09:00

පාර්ලිමේන්තුවේ අද අසුන් ජ්‍යෙෂ්ඨත්වය අනුව

පාර්ලිමේන්තුව අද පස්වරුවේ රැස්වීමට නියමිතයි. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් පසු පාර්ලිමේන්තුව රැස්වෙන පළමු අවස්ථාව මෙයයි.

පාර්ලිමේන්තුව අවසන් වරට රැස්වූයේ පසුගිය 12 වනදායි.  කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් අද දහවල් පැවැත්වීමට නියමිතයි. එහිදී විපක්ෂ නායකයා සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකයා කවුරුන්ද යන්න පිලිබදව තීරණයකට එළඹෙනු ඇති බවද වාර්තා වනවා. මේ අතර දින 07 කට පසු පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය යළි විවෘත කෙරෙන බව  පාර්ලිමේන්තු වාර්තා සදහන් කරනවා. විශේෂ අමුත්තන්ගේ ගැලරිය සහ මහජන විවෘත කළද එම ගැලරිවලට ඇතුළු වීමට අද දිනයේ අවසර පත්‍ර නිකුත් කරන්නේ සීමිත සංඛ්‍යාවක් පමණක් බවයි වාර්තා වන්නේ.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2018 09:00
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්