MORTAL ENGINES වාර්තා බිඳහෙළයිද?

Mortal Engines නම්  කොටස් හතරකින් යුතු නවකතා පොත් පෙළක පළමුවැන්න ලෙස ලන්ඩන් නම් වූ රෝද මත දුවන විශාල නගරක් පිළිබඳ කතාවක් ගෙන එනවා. මේ ඇසුරෙන් චිත්‍රපටයට තිරරචනය ලියා තිබෙන්නේ, The Lord of the Rings, The Hobbit, King Kong (2005)  වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ පීටර් ජැක්සන් ඇතුලුව ෆ්‍රාන් වෝල්ෂ් සහ පිලිප්පා බොයෙන්ස් විසින්. පීටර් ජැක්සන් මෙහි නිෂ්පාදනයෙන්ද දායක වී තිබෙනවා.

අමෙරිකා – නවසීලන්ත නිර්මාණයක් වුණු Mortal Engines  නවසීලන්ත ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ ක්‍රිස්ටියන් රිවර්ස්ගේ අධ්‍යක්ෂණයක්. මෙහි හෙස්ටර්ගේ චරිතයට පණ පොවන්නේ, අයර්ලන්ත ජාතික නිළි හේරා හිල්මාර් විසින්. ටොම්ගේ චරිතයට පණ පොවන්නේ අයර්ලන්ත ජාතික නළු රොබර්ට් ශීහාන් විසින් වන අතර, හියුගෝ වේවින්ග් වැලන්ටයින්ගේ චරිතයට පණ පොවනවා.

ලොව පුරා සිනමාලෝලීන් අමන්දානන්දයට පත් කරන Mortal Engines සිනමාපටය සියලු ආදායම් වාර්තා බිදහෙළන සිනමාපටයක් ලෙසය විචාරකයන් පවසන්නේ..

 

[ot-video type=”youtube” url=”https://youtu.be/IRsFc2gguEg”]