ජනාධිපති මෛතී්රපාල සිරිසේන මැතිතුමා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්තී්රවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද(17) පැවැත්වෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡාව පැවැත්වීමටයි නියමිතව තිබෙන්නේ. පස්වරු දෙකෙන් පසු සාකච්ඡාව පැවැත්වෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය තහවුරු කළා. ඉදිරියේදී ගනු ලබන දේශපාලන කි්රයාමාර්ග සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරිමයි අරමුණ.
මේ අතර මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්රී්ර ලංකා පොදුජන පෙරමුණේ මන්තී්රවරුන් අතර සාකච්ඡාවක් ඊයේ (16) පැවැත්වුණා. හෙට(18) පාර්ලිමේන්තු සභා වාරය ආරම්භවීමට පෙර මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්තී්ර කණ්ඩායම අතර තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.