සාමය සහ සංහිදියාව ශක්තිමත් කිරීමට නත්තල් උදාව ඉතා වැදගත් අවස්ථාවක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. රාජ්‍ය නත්තල් උත්සවය අමතමිනුයි ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ.
මන්නාරම නගර සභා ක්‍රීඩාංගනයේදී ඊයේ පස්වරුවේ රාජ්‍ය නත්තල් උත්සවය පැවැත්වුණා. ජාතීන් අතර සංහිදියාව වර්ධනය කිරීමේ සහ ඔවුන් තුළ අධ්‍යාත්මික පිබිදීමක් ඇති කිරීමේ අරමුණින් සමිදු උපතයි නත්තල් සිරියයි තේමාව යටතේ ඉතා උත්කර්ෂවත්ව මෙවර රාජ්‍ය නත්තල් උත්සවය සංවිධාන කර තිබුණා. ක්‍රිස්තූන් වහන්සේගේ උතුම් පණිවුඩය ලොවට ගෙන යන නත්තල සැමරීමට කිතුනු බැතිමතුන් පමණක් නොව ලොව පුරා සියලු ජනතාව ගෞරවයෙන් ඒකරාශී වන බවයි ජනාධිපතිතුමා මෙහිදි ප්‍රකාශ කළේ. අධ්යාත්මික් සමාජයක් ගොඩනැගීමේදීද කිතුනු ආගමේ මගපෙන්වීම ඉතා විශිෂ්ඨ බව ජනාධිපතිතුමා සදහන් කළා.
කැරොල් ගායනා ඇතුළු විචිත්රාංග රැසකින් රාජ්‍ය නත්තල් උත්සවය වර්ණවත් කෙරුණා. මීට සමගාමීව පැවති නිර්මාණ තරගවල ජයග්‍රහකයින්ට තිළිණ සහ සහතිකපත් ප්රදානය කෙරුණේද ජනාධිපතිතුමා අතින්. අපෝස්තලික තානාපති අති උතුම් පියරේ නුයෙන් වෑන් වොට් රදගුරු හිමිපාණන් ඇතුළු ප්‍රධාන පියතුමන්ලා සහ මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.