වව්නියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නියඟයෙන් පීඩාවට පත් ජනතාවට ආධාර පිරිනැමුණා. ඒ යටතේ පවුල් දස දහසකට ආධාර ලබා දීම වව්නියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණා.
වව්නියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් නවයක පවුල් වෙත නියං ආධාර ලබා දීමට රජය වැය කළ මුදල රුපියල් මිලියන 49 ඉක්මවනවා. උතුරු පළාතට බලපෑ වියළි කාලගුණයෙන් වව්නියාව දිස්ත්‍රික්කයේ ජනතාව ද දැඩි ලෙස පීඩාවට පත්වුණා. එම එක් පවුලක් සදහා රුපියල් පන්දහසක වටිනාකමකින් යුත් වියළි ආහාර ද්‍රව්‍යය ද පිරිනැමුණා. ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙනුයි මෙම කටයුතු සිදුකෙරුණේ.