වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් දහස දක්වා වැඩිකිරිම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවල ප්රගතියක් පවතින බව ලංකා කම්කරු කොංග්රසය ප්රකාශ කළා.
වතු හාම්පුතුන්ගේ සංගමය සමඟ එම සාකච්ඡා පැවැත්වුණා. ඉදිරිපත් කළ යෝජනාවට ආසන්න මුදලකට එකඟතාව පළවු බවයි ලංකා කම්කරු කොංග්රසය සඳහන් කළේ. දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිමට ද සැළසුම් කර තිබෙනවා.