හොරණ, මොරගහහේන ප්රදේශයේ නිවාඩු නිකේතනයක පිහිනුම් තටාකයක ගිළීමෙන් වයස අවුරුදු දහයක දරුවෙකු මිය ගොස් තිබෙනවා.
දෙහිවල ප්රදේශයේ සිට පුද්ගලයෙන් හැත්තෑ එක් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ දිනයේ මෙම නිවාඩු නිකේතනයට පැමිණ තිබෙනවා. වැඩිහිටියන් සමඟ දිය නාමින් සිටි අතරතුර වැඩිහිටි පිහිනුම් තටාකය තුළ දී යි දරුවා මිය ගොස් ඇත්තේ. එම අවස්ථාවේ ජීවිතාරක්ෂකයන් පිහිනුම් තටාකය අසළ නොසිටි බව ද වාර්තා වනවා. පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. මොරගහහේන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.