ඇමරිකා අභ්‍යන්තර කටයුතු ලේකම් රයන් සින්ක් ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබෙනවා.
වසර අවසන් වනවිට ඔහු තනතුරෙන් ඉවත්ව යන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශ කළා. ඔහුගේ සේවා කාලය තුළ ලබාගත් ජයග්‍රහණ සහ ඉටුකළ කාර්යයන් පිළිබදව ජනාධිපතිවරයා එමගින් විශේෂ ස්තුතියක් ද පිරිනමා තිබෙනවා. එළඹෙන සතියේදී අභ්‍යන්තර කටයුතු නව ලේකම්වරයෙකු පත්කිරීම අරමුණ බවයි ජනාධිපතිවරයා සඳහන් කරන්නේ. රයන් සින්ක් මීටපෙර නාවික හමුදාවේ ද කටයුතු කර තිබෙනවා. සදාචාර විරෝධී හැසිරීම් සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී ඔහුට චෝදනා ද එල්ලවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.