අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවසට හානි සිදුකළ සැකකරුවන් අට දෙනෙකුට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඇප ලබා දුන්නා.
කලගෙඩිහේන සපුගස්තැන්න ප්‍රදේශයේ පිහිටි අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතාගේ නිවසට පෙරේදා රාත්‍රියේ ප්‍රහාරයක් එල්ල කෙරුණා. වාහන කිහිපයකින් පැමිණි මෙම පිරිස පිළිබද සීසීටීවී කැමරාවල සටහන් වී තිබුණා. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අත්තනගල්ල එක්සත් ජාතික පක්ෂ සංවිධායක චන්ද්‍රසෝම සරණලාල්, අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක නාලක ගුණසේකර යන මහත්වරුන් ඇතුළු සැකකරුවන් අද (15) වේයන්ගොඩ පොලිසියට භාර වුණා. අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගත් පොලිසිය සැකකරුවන් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළා. එක් සැකකරුවෙකු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත නිදහස් කළ මහේස්ත්‍රාත්වරයා සෑම මසකම අවසන් ඉරිදා දිනයේ වේයන්ගොඩ පොලිසියේ පෙනීසිටින ලෙස ඔවුන්ට නියෝග කළා.