සම්මානනීය සිනමා අධ්යක්ෂ Vijay Gutte ගේ අධ්යක්ෂණයෙන් හැඩවෙන නවතම සිනමාපටය වූ The Accidental Prime Minister සිනමාපටය තිරගත කිරීමට සියලු කටයුතු සුදානම් කර අවසන්..
ඉන්දීය ජනපති ධුරයට පත් වූ ප්රථම සික් ජාතිකයා වන මන්මෝහන් සිං ගේ ජීවිත කතාව ඇතුළත් මෙම සිනමාපටය බොලිවුඩ් පුරවරයේ නිර්මාණය වන තවත් පරමාදර්ශී දේශපාලන පුරාවෘත්තයක් ලෙස ඉතිහාසයේ සනිටුහන් වනු අැතැයි විචාරකයන්ගේ මතයයි..
ආර්ථික වශයෙන් දැඩි අඝාධයකට වැටී තිබූ භාරත දේශය නැවත ගොඩගෙන ආර්ථික සංවර්නධයට විශාල කාර්ය භාරයක් ඉටු කළ මන්මෝහන් සිං ගේ දේශපාලන දිවිය මෙම සිනමාපටය හරහා මනා ලෙස නිර්මාණය කර තිබෙනවා…
The Accidental Prime Ministerහි මන්මෝහන් සිං ගේ චරිතයට පන පොවනු ලබන්නේ සම්මානනීය රංගන ශිල්පී අනුපම් බේර් විසින් වන අතර, සුසේන් බර්නෙට්, අහානා ඛන්නා, අර්ජුන් මාතුර් ඇතුළු ප්රවීන රංගන ශිල්පීන් රැසක් මෙයට රංගනයෙන් දායකත්වය සපයයි.. සිනමාපටය පුරා ඉන්දීය දේශපාලන ගමන් මගේ හැරවුම් ලක්ෂ වන සෝනියා ගාන්ධි, ප්රියංකා ගාන්ධි, රාහුල ගාන්ධි වැනි ප්රබලයන්ගේ චරිත නිරුපනය ද සිදුවෙයි..
The Accidental Prime Ministerහි නිෂ්පාදන කටයුතු Sunil Bohra, Dhaval Gada විසින් සිදු කරන අතර, තිර රචනය සිදු කරන්නේ Sanjaya Baru විසිනුයි..
මේ මස 21 වැනිදා සිට තිරගත වීමට නියමිත The Accidental Prime Minister සිනමාපටය භාරත දේශයේ ඉතිහාසය සොයා යන කොයි කාට වුවත් අපූර්වතම වූ සිනමා අත්දැකීමක් වනු නොඅනුමානයි…
[ot-video type=”youtube” url=”https://youtu.be/p01dGwZtSQY”]