කිලෝ ග්රැම් පනස් දහසක සහල් තොග ඉදිරි සති දෙක ඇතුලත වෙළදපලට මුදා හරින බව වී අළෙවි මණ්ඩලය ප්රකාශ කළා.
සහල් අළෙවිය සම්බන්ධයෙන් සතොස සහ සුපිරි වෙළදසැල් කිහිපයක් සමඟ සාකච්ඡා කරන බවයි මණ්ඩලයේ සභාපති උපාලි මොහොට්ටි මහතා කියා සිටියේ. නිෂ්පාදිත සහල් සදහා මිළ ගණන් ද නියම කර තිබෙනවා. ඒ අනුව කැකුළු සහල් කිලෝ ග්රෑමයක මිළ රුපියල් අසු තුනක්. නාඩු සහල් කිලෝ ග්රෑමයක් රුපියල් අසු හයක් ලෙසටයි මිල නියම කර තිිබෙන්නෙ.