කොළඹ දිස්ති‍්‍රක්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළා.
ඒ අද මධ්‍යම රාතී‍්‍ර 12.00 සිට ඉරිදා පස්වරු 6.00 දක්වා. මාර්ග සංවර්ධන කටයුත්තක් සිදු කිරිම මෙයට ජල සැපයුම අත්හිටුවීමට හේතුවයි.
මොරගස්මුල්ල, රාජගිරිය, ඇතුල්කෝට්ටේ, ඔබේසේකරපුර සහ බණ්ඩාරනායකපුර එම ප්‍රදේශ වලට ඇතුලත්. නාවල , කොස්වත්ත සහ රාජගිරියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ග වලද ජල සපැයුම අත්හිටුවීමටයි තීරණය කර තිබෙන්නේ.