උත්සව සමයේ මහජන ආරක්ෂාව හා රථවාහන පාලනය සදහා කොළඹ නගරය තුළ පොලිස් නිලධාරීන් දෙදහසකට අධික පිරිසක් හෙට(15) සිට රාජකාරියේ යොදවන බව පොලිස් දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
පොලිස් නිලධාරීන් සිවිල් ඇදුමෙන් ද රාජකාරියේ යෙදවීමටයි කටයුතු කෙරෙන්නේ. ඒ ගැටකපන්නන් හා වෙනත් වංචා සිදුකරන පුද්ගලයන් පිළිබදව සොයා බැලීම සදහායි. කොළඹ නගරයේ සහ තදාසන්න ප්රදේශවල රථවාහන තදබදය අවම කිරීම සදහා වැඩි අවධානයක් යොමු කෙරෙනවා. බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ද හෙට(15) සිට ක්රියාත්මක කෙරෙනවා. මේ අතර උත්සව සමයේ ගිනිකෙළි භාවිතයේ දී වඩාත් සැලකිලිමත්ව කටයුතු කරන ලෙසත් කුඩා දරුවන් ගිනි කෙළි භාවිතයෙන් ඉවත් කරන ලෙසත් පොලිසිය මජනතාවගෙන් ඉල්ලා සිටිනවා.