නාලක විතානගේ අධ්‍යක්ෂණය කළ නවතම සිනමාපටය “සරුංගල්” තිරගතවීම ඇරඹුණා. මෙම සිනමාපටය තරංග අතුරලිය සහ ඒ. පාරිස්ටර්ගේ නිෂ්පාදනයක් .ෆැන්ටසි ආදරයක රියැලිටි අරුමැසිය “සරුංගල්”හි තේමාවයි. චරිත් අබේසිංහ, චමත්කා ලක්මිණි, සාරංග දිසාසේකර, ශාලිකා එදිරිසිංහ, සූර්යා දයාරුවන්, ජනක රණසිංහ, චින්තක පීරිස් සහ සුනෙත් මැල්සිරිපුර යන රංගන ශිල්පීන් මෙහි රංගනයෙන් දායකත්වය සපයනවා.
“සරුංගල්” සිනමාපටයේ තිර රචනය ද නාලක විතානගේ විසින්ම සිදු කර ඇති අතර මෙය මංජුල කුමාරතුංගගේ කැමරා අධ්‍යක්ෂණයක් වෙයි. අරුණ ශාන්තගේ අංගරචනයෙන් සහ කැළුම් උඩුවාවල, පැතුම් ඒකනායක සහාය අධ්යක්ෂවරුන් ලෙස කටයුතු කරයි. රංග දසනායකගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩවන “සරුංගල්” සිනමාපටය තාරුණ්‍යයේ සිතුම් පැතුම් කැටි කරගත් අපූරු නිර්මාණයක් වනු ඇත..
[ot-video type=”youtube” url=”https://youtu.be/TEN-lHwAzdk”]