එළඹෙන නවසීලන්ත එක්දින හා පන්දුවාර විස්සයි විස්ස තරගාවලි සදහා ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ නායකත්වයට ලසිත් මාලිංග පත් කර තිබෙනවා. උප නායකත්වය හිමිව ඇත්තේ නිරෝෂන් දික්වැල්ලටයි.
දෙරට අතර පැවැත්වීමට නියමිත එක්දින හා පන්දුවාර විස්සයි විස්ස ක්රිකට් තරගාවලිය සදහා ක්රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචියක් නම් කර තිබෙනවා. මෙම සංචිතයට ටෙස්ට් ක්රිකට් නායක දිනේෂ් චන්දිමාල් ද ඇතුළත්. හිටපු නායකයින් වන ඇන්ජලෝ මැතිව්ස් හා තිසර පෙරේරා ද ශ්රී ලංකා සංචිතයට ඇතුළත් කර තිබෙනවා. නායකයා ලෙස ලසිත් මාලිංග 2014 වසරේදී පන්දුවාර විස්සයි විස්ස ක්රිකට් ලෝක කුසලානය දිනාගැනීමට සමත්වුණා. කෙසේ වෙතත් පසුගිය වසරේදී මාලිංග කණ්ඩායමට ඇතුළත් වූයේ නැහැ. මෙම වසරේ සිට යළිත් ජාතික කණ්ඩායමට එක්ව මාලිංග දක්ෂතා දැක්වුවා. මෙම තත්ත්වය සැළකිලල්ට ගනිමිනුයි ශ්රී ලංකා ක්රිකට් නව තේරීම් කමිටුව නම් කළ පළමු එක්දින ක්රිකට් තරගාවලියේදීම මාලිංගට යළි නායකත්වය ලබා දී ඇත්තේ. මේ අතර දෙරට අතර එක්දින ක්රිකට් තරගාවලිය ලබන මස තුන්වන දා ආරම්භ වීමට නියමිතයි. තරගාවලියට එක්දින තරග තුනක් හා පන්දුවාර විස්සයි විස්ස තරගයක් ඇතුළත් වනවා.