උතුරු කොරියා නායක කිම්ජොන් උන් දකුණු කොරියා සංචාරයට එක් නොවන බව එරට වාර්තා සඳහන් කරනවා. මේ වසර තුළ උතුරු කොරියා නායක දකුණු කොරියාවේ යළි සංචාරය කිරීමටයි සැලසුම් කර තිබුණේ.
නිල සංචාරය සඳහා දකුණු කොරියාව මූලික වැඩකටයුතු අවසන් කර තිබෙනවා. එභෙත් මෙම වසරේ එම සංචාරය සිදුනොවන බවයි දකුණු කොරියා රාජ්‍ය මාධ්‍ය පවසන්නේ. ඒ න්‍යෂ්ටික අර්බුදය සම්බන්ධයෙන් ඇමරිකාව සහ උතුරු කොරියාව අතර ගැටලුකාරී තත්වයක් හටගැනීමත් සමඟයි. ආරක්ෂාව හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.