ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය අද විශ්‍රාම යනවා.
ඊවා වනසුන්දර මහත්මිය අද දිනයේ දී විශ්‍රාම යන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු ආරම්භයේ දීම දැනුම් දුන්නා. ඇයට සුබ පතන බවද ඔහු ප්‍රකාශ කළා. ඒ ඊවා වනසුන්දර සහ විජිත් මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සමග අධිකරණ කටයුතු ආරම්භයට පෙරයි.
මේ අනුව ඊවා වනසුන්දර විනිසුරුවරියගේ සේවා කාලයේ අවසන් දිනය අද වන අතර ඇය අද දිනයෙන් පසු විශ්‍රාම යාමට නියමිතයි. ඇයගේ විශ්‍රාම දිවියට නීතීඥවරුන් වෙනුවෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණයේදී සුබ පැතුම් එක් කෙරුණා.
ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරිය ලෙස කටයුතු කළ ඊවා වනසුන්දර මහත්මිය අවස්ථා ගණනාවකදීම වැඩබලන අගවිනිසුරු වශයෙන් ද කටයුතු කර තිබෙනවා. ඒ මහත්මිය රජයේ නීතීඥවරියක ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට එකතු වූයේ 1979 වසරේ දීයි. එහිදි උසස් තනතුරු රැසක් හෙබවූ ඇය මෙරට ප්‍රථම නීතිපතිවරිය ලෙසද පත්වුණා. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන ඊවා වනසුන්දර මහත්මිය හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වන රාජා වනසුන්දර මහතාගේ ඥාති සහෝදරියක ද වනවා.