කටුවන බෙංගමුකන්ද ප්‍රදේශයේදී පුද්ගලයක් මියයාමේ සිද්ධියක් මුල්කරගනිමින් ප්‍රදේශවාසීන් පොලීසිය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා. පන්සියකට කට වැඩි පිරිසක් ඊට එක්ව සිටි බවයි වාර්තා වුණේ. කදුලු ගැස් ප්‍රහාර එල්ල කරමින් උද්ඝෝෂකයින් විසුරුවා හැරීමට පොලීසිය පියවර ගත් බවයි අප වාර්තාකරු කියා සිටින්නේ.
කටුවන බෙංගමුකන්ද ප්‍රදේශය ආශ්‍රිතව මත්පැන් හා මත්ද්‍රව්‍ය වැටලීමක් සිදු කීරීමට පොලීසිය ඊයේ රාත්‍රියේ කටයුතු කළා. එම ප්‍රදේශයේ පුද්ගලයෙකු මාර්ගය අසල මියගොස් වැටී සිටි බව පොලීසිය පවසනවා. එම පුද්ගලයා රෝහල් ගත කිරීමට ද පොලීසිය කටයුතු කළා. කෙසේ වෙතත් ප්‍රදේශවාසින් පවසන්නේ පොලිස් ප්‍රහාරයකින් මෙම පුද්ගලයා මිය ගොස් ඇති බවයි.
මෙම සිද්ධිය මුල් කරගනිමින් ප්‍රදේශවාසීන් කටුවන පොලීසිය ඉදිරිපිට විරෝධතාවක් සිදු කළා. එම විරෝධතාවයේදී පොලිස් නිලධාරීන් 04 දෙනෙකු තුවාල ලබා ඇති බවද පොලීසිය පවසනවා. මියගිය පුද්ගලයාගේ සිරුර කටුවන රෝහලේ තැන්පත් කර තිබෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි.