දියේ ගිලී යමින් සිටි සිසුවකුගේ ජීවිතය බේරාගැනීමට උත්සාහ කළ පාසල් සිසුවියක පිළිබද දඹුල්ල හල්මිල්ලෑව ප්රදේශයෙන් වාර්තා වුණා.
කෙසේ වෙතත් දියේ ගිලීම හේතුවෙන් 15 හැවිරිදි පාසල් සිසුවා මිය ගොස් තිබෙනවා.
දඹුලු හල්මිල්ලෑව උළුකැට වැව ප්රදේශයේ දඹුලු ඔයේ දියනෑමට යාමේදීයි 15 හැවිරිදි පාසල් සිසුවා මෙසේ මියගොස් තිබෙන්නේ. ඒ ඔහුගේ මව සමගින් දිය නාමින් සිටියදීයී.
එම අවස්ථාවේ මවගේ කෑගැසීම ඇසී අසල දිය නාමින් සිටි 17 හැවිරිදි පාසල් සිසුවියක සහ ඇයගේ මිතුරියන් දෙදෙනෙකු සිසුවා බේරාගැනීම සදහා දැඩි උත්සාහයක නිරත වී තිබෙනවා.
පසුව සිසුවා සොයාගත් ඔවුන් ඔහුව දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තා. නමුත් සිසුවාගේ ජීවිතය බේරාගැනීමට හැකි වූයේ නැහැ.