භාරතීය ජනතා පක්ෂයේ පාලනයේ පැවතුනු ප්‍රාන්ත තුනක බලය ඉන්දීය කොංග්රස් පක්ෂය ජයග්‍රහනය කිරීමත් සමග එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රතිචාර දක්වා තිබෙනවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ ඉන්දීය කොංග්රස් පක්ෂය ලබාගත් ජයග්‍රහනයට සුබ පතන බවයි. ජනතාව ලබාදී ඇති පණිවුඩය තමන් පිළිගන්නා බව ද අග්‍රාමාත්‍ය මෝදි ට්විටර් පණිවිඩයේ සදහන් කරනවා. ඉන්දියාවේ ඊයේ පැවති ප්‍රාන්ත පහක මැතිවරණයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර අවසන්. රාජස්ථාන්, චත්තිස්ඝර් සහ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත ජය ගැනීමට රාහුල් ගාන්ධි නායකත්වය දරණ ඉන්දීය කොංග්රස් පක්ෂය සමත් වුණා. තෙලඟනා සහ මිසෝරාම් ප්‍රාන්තවල බලය හිමිවුණේ ප්‍රාදේශීය පක්ෂවලටයි.