මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 49 දෙනෙකු අගමැති ධුරය, කැබිනට් ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් ලෙස කටයුතු කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකල රීට් පෙත්සම ලබන මස 16, 17 සහ 18 වන දිනවල විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියෝග කළා.
අග්‍රාමාත්‍ය ධුරයේ සහ අමාත්‍ය ධුරයන්හි කටයුතු කිරීම අභියෝගයට ලක්කරමින් ගොනුකළ රීට් පෙත්සම සම්බන්ධ විරෝධතා ලබන මස 4 වනදාට පෙර ගොනුකරන ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු වගඋත්තරකරුවන්ට අභියාචනාධිකරණය නියෝග කළා. එම විරෝධතාවලට අදාළ ප්රතිවිරෝධතා ලබන 11 වනදාට පෙර ගොනුකරන ලෙසටයි පෙත්සම්කාර පාර්ශ්වයන්ට නියෝග කෙරුණේ.
මේ අනුව මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලයට සහ නියෝජ්‍ය ඇමතිවරුන්ට සිය ධුරවල කටයුතු කිරීම අත්හිටුවමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වනතුරු බල පැවැත්වෙනු ඇති. මෙම පෙත්සම්වලට අදාළ නොතීසි සහ සියලු ලේඛන අභියාචනාධිකරණ රෙගුලාසි අනුව වගඋත්තරකාර පාර්ශ්වයන්ට නිසි ලෙසට ලැබී නොමැති බැවින් පෙත්සම නිශ්ප්‍රභ කරන ලෙස වගඋත්තරකාර පාර්ශ්වය ඉදිරිපත් කළ විරෝධතාව ප්‍රතික්ෂේප කෙරුණා. අභියාචනාධිකරණය එහිදී පවසා සිටියේ නොතීසි නිකුත් කිරීමට කටයුතු කර ඇති බවයි. නොලැබී ඇති ලේඛන වගඋත්තරකරුවන් වෙත ලබාදෙන ලෙසට පෙත්සම්කරුවන්ට නියෝග කරන බවද පැවසුවා. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු මන්ත්‍රීවරුන් එකසිය විසිදෙදෙනෙකුයි මෙම පෙත්සම ගොනුකර ඇත්තේ.
මහින්ද රාජපක්ෂ ඇතුළු 49 දෙනෙකුට එරෙහිව පෙත්සම් විභාගය අද
අග්‍රාමාත්‍ය ධුරයේ හා අමාත්‍යවරුන් ලෙසට කටයුතු කිරීම අභියෝගයට ලක්කරමින් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 49 දෙනෙකුට එරෙහිව ගොනුකළ රීට් පෙත්සම අභියාචනාධිකරණයේදී අද (12) විභාගයට ගැනීමට නියමිතයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට එම ධුරවල කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණයේදී පසුගිය 3 වනදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. එය පෙත්සම් විභාගය අවසන් වන තුරු බල පැවැත්වෙනු ඇති. පෙත්සම සම්බන්ධයෙන් අද (12) අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස වගඋත්තරකරුවන් වෙත නොතීසිද නිකුත් කෙරුණා. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකසිය විසිදෙදෙනෙකු මෙම පෙත්සම ගොනුකර තිබෙනවා.