ඉන්දියාවේ ප්‍රාන්ත පහක මැතිවරණ ප්‍රතිඵල අද ප්‍රකාශයට පත් කෙරුණා.
මධ්‍ය ප්‍රදේශ්, රාජස්ථාන්, චතිස්ගාර්, තෙලන්ගනා සහ මිසෝරාම් යන ප්‍රාන්තවල ප්රතිඵලයි මෙසේ ප්‍රකාශයට පත් කෙරුණේ. රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් කොංග්රස් පක්ෂය ප්‍රාන්ත තුනකින් වැඩි ඡන්ද ලබාගනිමින් ඉදිරියට පැමිණ තිබෙනවා. තෙලංගනා සහ මිසෝරාම් ප්‍රාන්තවල බලය හිමිව ඇත්තේ ප්‍රාදේශීය පක්ෂවලටයි. ලබන වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී කොංග්රස් පක්ෂය, භාරතීය ජනතා පක්ෂයට, ප්‍රබල තර්ජනයක් එල්ල කරන බව දේශපාලන විචාරකයින් පවසනවා.