පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද දින නියම කළා.
දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු ඩිපෙන්ඩර් රථයකින් පැහැර ගෙන ගිය බවට චෝදනා කරමිනුයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ. එය ලබන මාර්තු මස 12 සහ 13 යන දිනවල විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කළා. නඩුවේ දෙවන සාක්ෂිකරුගේ සිට 7 වන සාක්ෂිකරු දක්වා සාක්ෂිකරුවන් මීළග දින අධිකරණයේ පෙනී සිටීමට සිතාසි නිකුත් කරන ලෙසද නියෝග කෙරුණා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවලට අනෙකුත් විත්තිකරුවන් හත් දෙනා වරද පිළිගැනීමෙන් පසු ඔවුන්ට අත්හිට වූ සිර දඩුවම් සහ වන්දි මුදල් නියම කිරීමට මීට පෙර නියෝග කෙරුණා.