Life+News The Official News Portal of Independent Television Network Ltd

හාවස්ට් 2018 කෘෂිකර්ම ප්‍රදර්ශනය හෙට ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2018 12:02

හාවස්ට් 2018 කෘෂිකර්ම ප්‍රදර්ශනය හෙට ඇරඹෙයි

හාවස්ට් 2018 කෘෂිකර්ම ප්‍රදර්ශනය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී හෙට ආරම්භ වනවා. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන ප්‍රදර්ශනය ලබන 16 වනදා තෙක් පැවැත්වෙනවා. ප්‍රදර්ශන කුටි , ආහාර අලෙවිසල් , පළතුරු හා එළවළු අලෙවිසල් ආදි අංශ ගණනාවකින් ප්‍රදර්ශනය සමන්විත වන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ.

මේ අතර අඹ හා අනෝදා කලාපයේ වැඩ ආරම්භ කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. ඒ අඟුණකොළපැලැස්ස බිංකම ප්‍රදේශයේදීයි. තෝරාගත් ගොවීන් සිය දෙනෙකුට උසස් වර්ගයේ බද්ධ අඹ පැළ හා අනෝදා පැළ විසිපහ බැගින් ප්‍රදානය කෙරුණා. ක්‍රීඩා සමාජ සඳහා උපකරණ ද මෙහිදී ප්‍රදානය කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2018 12:02
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්