බි්රතාන්ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ පෞද්ගලික මට්ටමේ සාකච්ඡා කිහිපයක් සංවිධාන කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්තී‍්‍රවරුන් සමඟ ඇය සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.
බේරක්සිට් ගිවිසුම සම්බන්ධයෙන් හෙට(11) තීරණාත්මක ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතයි. ඊට පෙර අග්‍රාමාත්‍යවරිය පසුපෙළ මන්ති‍්‍රවරුන් හමුවීමට සැලසුම් කර තිබීම විශේෂ අවධානයට ලක්ව තිබෙනවා. තෙරේසා මේ ඉදිරිපත් කළ බේරක්සිට් ගිවිසුමට යුරෝපා සංගමයේ අනුමැතිය හිමිවුණා. එභෙත් එය කි‍්‍රයාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ද අවශ්‍ය බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. හෙට(11) පැවැත්වෙන ඡන්ද විමසීමේදී අග්‍රාමාත්‍යවරිය පරාජය වුවහොත් මහ මැතිවරණයක් පැවැත්වීමට සිදුවනු ඇති බව ඇය මීටපෙර ප්‍රකාශ කළා.
එසේ නැතහොත් බේරක්සිට් ගිවිසුම අවලංගු කිරීමට සිදුවනු ඇති බවයි දේශපාලන විචාරකයන් පෙන්වාදෙන්නේ. ගිවිසුම අනුව ලබන වසරේ මාර්තු මාසයේ සිට බි්රතාන්ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමයි සැලසුම.